Slide Show


 Sri lanka  Sri lanka  Sri lanka  Sri lanka  Sri lanka  Sri lanka  Sri lanka  Sri lanka

Monday, May 20, 2013

ක්ලැමලි හවුස් හෙවත් අල්විස් වලව්ව 1942


<| ක්ලැමලි හවුස් හෙවත් අල්විස් වලව්ව 1942 |>

1941 ජූනි මස 05 වනදා කළුතර විද්‍යාලය ජ්‍යෙෂ්ඨ ද්විතියික පාසලක් බවට පත්වීමෙන් අනතුරුව බාලක - බාලිකා වශයෙන් පාසල් දෙකක් බිහිකර ගැනීම බෞද්ධ සමිතියේ අරමුණ විය. එම නිසා 1941 ඔක්තෝබර් මස 21 වනදා බෞද්ධ බාලිකා විද්‍යාලයක් ආරම්භ කිරීම සදහා අධ්‍යාපන අධ්‍යක්ෂකට ලිපියක් යවන ලදී. "කොළඹ සිට සැතපුම් 27 1/4 දුරින් කොළඹ ගාළුපාරට යාබදව පිහිටි අක්කර 5 යුතු ක්ලැමලි හවුස් හෙවත් අල්විස් වලව්ව මෙම පාසල පිහිටුවීම සදහා තෝරාගෙන ඇත. නිවසේ අයිතිකරු කොළඹ පදිංචි දොස්තර D.B ද අල්විස් මහතාය. මෙහි වර්ග අඩි 3057ක් ඇති බවත්, ලමුන් 235කට ඉඩකඩ ප්‍රමාණවත් බවත්" එම ලිපියේ සදහන් වේ. 1942 ජනවාරි මස 7 වැනි දින P.D.S කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ක්ලැමලි හවුස් හිදී කළුතර බාලිකා විද්‍යාලය ආරම්භ කරන ලදී. මෙහිදී නාගොඩ කළුතර විද්‍යාලයේ ළදරු පංතිවල , පහල බාලාංශ හා ඉහල බාලාංශ පංතිවල සිසුවියන් හා ඉහල පංතිවල සිසුවියන් කළුතර බාලිකා විද්‍යාලයට ඇතුලත් කරගත් අතර කළුතර විද්‍යාලය බාලක පාසලක් බවට පත්විය.

1939 - 1945 තෙක් පැවති දෙවන ලෝක යුද්ධය හේතුවෙන් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස එකල පැවති ලංකාවට යුධ තර්ජන තදින්ම දැනෙන්නට විය. ජපන් සතුරාගේ ආක්‍රමණයට රත්මලාන ගුවන්‍ තොටුපල ඉලක්ක වී ඇති නිසා වෙනත් රහසිගත ගුවන් යාතා පථයක් ඉදි කිරීමට බ්‍රිතාන්‍ය රජයට වුවමනා විය. මේ සදහා කටුකුරුන්ද නාගොඩ ප්‍රදේශය සුදුසු යැයි තීරණය කල රජය යුධ හමුදාවට නැවතීමට මාටින් බංගලාවත්, ගගන යාත්‍රාංගනයට එම භූමිය පවරා ගැනීමට වහාම නියෝග නිකුත් කරන ලදී. 1942 මාර්තු මස 18 වැනිදින පැය 24 ඇතුලතදී භූමියෙන් සියළුම බඩු බාහිරාදිය රැගෙන ඉවත් වන ලෙසට දැනුම් දී ඇත. වහාම ක්‍රියාත්මක වූ විදුහල්පති D.D.P සමරවීර මහතා එදින පාසලට නිවාඩු ලබා දී විද්‍යාලයට අයත් ලී බඩු හා අනෙකුත් සියල්ල අල්විස් වලව්වේ කළුතර බාලිකා විද්‍යාලයට රැගෙන ආ අතර කළුතර විද්‍යාලය විවෘත කිරීම පිලිබදව සාකච්ඡා පවත්වන ලදී.

අවසානයේ කළුතර විද්‍යාලය කළුතර බාලිකා විද්‍යාලය පිහිටා තිබූ අල්විස් වලව්ට රැගෙන එන ලදී. ඒ සදහා තාවකාලික ගොඩනැගිලි කිහිපයක් ඉදිකල අතර ඉන්පසුව 1942 අප්‍රේල් මස 27 වැනි දින කළුතර විද්‍යාලය කළුතර බාලිකා විද්‍යාලයට අයිති භූමි භාගයේ හෙවත් වර්තමාන කළුතර විද්‍යාල භුමියේ නැවත ආරම්භ කල අතර කළුතර විද්‍යාලය නැවතත් මිශ්‍ර පාසලක් බවට පත්විය. නමුත් එකම ස්ථානයේ පාසල් දෙකම පවත්වාගෙන යාම පාසල්වල සංවර්ධනයට බාධාවක් බව තේරුම්ගත් බෞද්ධ සමිතියේ සභාපති සිරිල්ද සොයිසා මහතා තමන්ගේ පෞද්ගලික නිවසේ එනම් බෲක්ලීන් නිවසේ බාලිකා විද්‍යාලය ආරම්භ කල අතර 1942 මැයි 25 වැනි දින කළුතර විද්‍යාලය නැවත පිරිමි පාසලක් බවට පත්වී වර්තමාන භූමියේම ස්ථාපිත විය.

Monday, May 6, 2013

Kalutara Railway


Kalutara Railway [Postcard] ~ 1900 - 1910


Kalutara Railway Station